ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය සැපයූ සමාගමකට ගල් අඟුරු ආනයනය සඳහා ටෙන්ඩරයක් ප්රදානය කිරීමේදී සිදු වූ “අක්‍රමිකතා” පිලිබඳ චෝදනාවලට මුහුන දුන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිකුරාදා (අප්‍රේල් 17) සිය ධූරයෙන් ඉල්ලා අස් වූ අතර, ඔහුගේ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ද ඒ සමගම තනතුරෙන් ඉවත් විය.
ඔහුගේ ඉල්ලා අස්වීම සිදුවුයේ, අදාල ටෙන්ඩරය ඇතුලු ව ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් 2009 සිට සිදු කෙරුනු ටෙන්ඩර් ප්‍රදානයන් පිලිබඳව විමර්ශනය කිරීම සඳහා සේවයේ සිටින ශ්‍රේෂ්ඨාධිකරනයේ, අභියාචනා අධිකරනයේ හා මහාධිකරනෙය් විනිසුරුවන් තිදෙනෙකු ගෙන් යුත් ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කිරීම, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අප්‍රේල් 17 දින ගැසට් මගින් නිවේදනය කිරීමත් සමගයි. දුෂනය පිටු දකිමින්, “යහපාලනයක්” ඇති කිරීමේ පොරොන්දුව මත බලයට පත් දිසානායක හා ඔහුගේ පක්ෂය, ඇමතිවරයාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරමින් මාස ගනනාවක් තිස්සේ ඔහු ආරක්ෂා කර ඇති තතු යටතේ මෙම ඉල්ලා අස්වීම ආන්ඩුවේ ගැඹුරු වන දේශපාලන අර්බුදය පෙන්නුම් කරයි.
ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පිහිටි ට්‍රයිඩන්ට් චම්පරන් සමාගම විසින් ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයුම ලබා ගෙන ඇත්තේ, රටේ එක ම ගල් අඟුරු බලාගාරය වන ලක් විජය බලාගාරයේ භාවිතය සඳහා ය. එලිදරව් වී ඇති කරුනු අනුව, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුලු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් බාල ද්‍රව්‍ය සැපයීම පිලිබඳව දැන සිටියහ. කෙසේ වෙතත්, බලාගාරයට නුසුදුසු ගල් අඟුරු ලබා දී ඇති අතර අධික වියදම සහිත එය දැනට භාවිතා කරනු ලැබෙයි. එමඟින් යන්ත්‍රෝපකරන වලට හානි විය හැකි අතර පාරිසරික ව්‍යසනයක් ද ඇති කෙරෙමින් පවතී.
පාර්ලිමේන්තු කමිටුවකින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, විගනකාධිපතිවරිය අප්‍රේල් 2 වන දින ගල් අඟුරු ටෙන්ඩර් ප්රදානය කිරීමේ ක්‍රියාවලියේ අක්‍රමිකතා ගෙනහැර දක්වමින් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කලා ය. 2025/2026 සඳහා සපයන ලද නෞකා නවයක ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස කිලෝවොට් පැයක විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ගල් අඟුරු පරිභෝජනය වැඩිවීම හේතුවෙන් රුපියල් මිලියන 2,237.7 ක ඇස්තමේන්තුගත අමතර පිරිවැයක් දැරීමට සිදු වූ බවත් ඇගේ වාර්තාවේ සඳහන් කර තිබේ.
මීට පෙර, ජයකොඩි රජයට අයත් ලංකා පොහොර සංස්ථාවේ නියෝජ්‍ය ප්‍රසම්පාදන කලමනාකරු ලෙස සේවය කරද්දී රුපියල් මිලියන 8.8 ක පොහොර ආනයන ප්‍රසම්පාදන වංචාවකට සම්බන්ධ වී ඇති බව ද අනාවරනය විය. දිසානායක ඔහු බලශක්ති ඇමති ලෙස පත්කරන විට මෙය දැන සිටියේ ද යන්න පැහැදිලි නැත.
හරිත සංවිධානය නම් කන්ඩායමක සභාපති සංඛ චන්දිම අමාත්‍යවරයාට එරෙහි ව පැමිනිල්ලක් ගොනු කල අතර, අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිසම මාර්තු මාසයේ දී අධිකරනයේ ඇමතිට එරෙහි අධිචෝදනා ගොනු කලේ ය.
විගනකාධිපතිවරයාගේ වාර්තාවෙන් පසු ව, ජනාධිපති දිසානායක අප්‍රේල් 7 වන දින පාර්ලිමේන්තුව අමතමින් ගල් අඟුරු ආනයනයේ අක්‍රමිකතා සිදු වී ඇති බව පිලිගත්තේ ය. නමුත් ඔහු එහි වරද පැටවුයේ සැපයුම් සමාගමට ය. අප්‍රේල් 9 වන දින, සමගි ජන බලවේගය (සජබ) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) ඇතුලු විරුද්ධ පක්ෂ අමාත්‍ය ජයකොඩිට එරෙහි ව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කල අතර, එය බහුතර ඡන්ද 104 කින් පාලක පක්ෂය විසින් පරාජය කරන ලදී.
කෙසේ වෙතත්, 2009 සිට 2026 අප්‍රේල් 16 දක්වා - විවිධ ආන්ඩු යටතේ වසර 17 ක කාලය ආවරනය වන පරිදි - ගල් අඟුරු ආනයනයේ සිදු වූ සියලු ම අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා “විශේෂ ජනාධිපති කොමිසමක්” පත් කිරීමට තීරනය කල බව ජනාධිපතිවරයා ආන්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමති බිමල් රත්නායක මගින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. රත්නායක විරුද්ධ පක්ෂවලට මෙසේ අභියෝග කලේ ය: “අපි වැරදි කර ඇත්නම් දඬුවම් ලැබීමට අපි සූදානම් - ඔබලා සූදානම්ද?”
අවුරුදු 17ක කාලය තුල පාලනයේ යෙදුනු ආන්ඩු යටතේ බරපතල වංචා හා දුෂන සිදු වූ බව විටින් විට ප්‍රකට වී ඇත. කෙසේ වෙතත්, මෙම දීර්ඝ කාලයක වංචා දුෂන සෙවීමට යෝජනා කිරීම, ආන්ඩුව තමන්ගේ ගැලවිජ්ජාවට දැමු උපාමාරුවකි.
බලශක්ති අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම, දූෂනය, වංචාව, මත්ද්‍රව්‍ය උවදුර ආදී සකල දුෂ්ටත්වයන්ට එරෙහි ව සටන් කරන පිරිසිදු පක්ෂයක් ලෙස විශ්වසනීයත්වයකට කැට තබා සිටින පාලක ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවට එල්ල වූ දේශපාලන පහරකි.
දිසානායක සහ ඔහුගේ පක්ෂය, මෙතෙක් ආන්ඩු කල සම්ප්‍රදායික ධනපති පක්ෂ වලට එරෙහි ව වැඩුනු මහජන වෛරය ගසා කමින් බලයට පත් වූයේ, පාලක පන්තියේ ගැඹුරු දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ය. කෝවිඩ් වසංගතයෙන් සහ රුසියාවට එරෙහි නැටෝ සංවිධානය යුක්රේනය තුලින් දියත්කල වක්‍ර යුද්ධයෙන් ගැඹුරු වූ අර්බුදයේ බර පැටවීමට විරුද්ධ ව මිලියන සංඛ්‍යාත කම්කරුවෝ, ග්‍රාමීය දුප්පත්තු, තරුනයෝ සහ මධ්‍යම පාන්තික කොටස් 2022 දැවැන්ත මහජන නැගිටීමකට අවතීර්න වූහ.
ජවිපෙ/ජාජබ, අනෙකුත් දේශපාලන පක්ෂ ප්රයත්න දරුවේ, ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාරවල මූල හේතුව වන ධනවාදයේ ගැඹුරු අර්බුදයෙන් මහජන විරෝධය ඉවතට යොමු කිරීමටයි. අර්බුදයට ප්‍රධාන හේතුව දූෂනය සහ අනෙකුත් වැරදි බවත්, ක්‍රමය පිරිසිදු කිරීම කල යුතු බවත් ඔවුහු කියා සිටියහ. ඔවුහු “අන්තර්වාර පාලනයක්” යෝජනා කරමින්, මහජන විරෝධය පාර්ලිමේන්තු මාර්ගවලට හරවා යැවීමට ක්‍රියා කලහ. ඊට මුක්කුව දෙමින් ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද ඒ හා සමාන උද්ඝෝෂනයක් දියත් කලේ ය. මෙම සමස්ත ව්‍යාපාරය ක්‍රියාත්මක වුයේ, පාර්ලිමේන්තු ආවෘත අන්තයක මහජනතාව කොටු කිරීමටයි.
මහජන නැගිටීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට සිදු විය. ජවිපෙ/ජාජබ, සජබ සහ පෙසප දේශපාලන උපාමාරු මගින් ජනතාව දේශපාලනික ව නිරායුධ කෙරුනු තතු යටතේ ඇමරිකානු හිතවාදී රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයට පත්වීමට මග පෑදිනි. ඔහු හමුදාව සහ පොලිසිය මුදා හැරීමෙන් මහජන ව්‍යාපාරය මර්දනය කල අතර අනුකම්පා විරහිත ව ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙලක් ආරම්භ කලේ ය.
අඛන්ඩ මහජන විරෝධය මධ්‍යයේ, පාලක ප්රභූව දේශපාලන ස්ථාවරත්වයක් පොරොන්දු වූ ජවිපෙ/ජාජබ වෙත හැරුනි. එහි ප්‍රධාන ප්‍රකාශය වූයේ දූෂනය ඉවත් කිරීම සහ ආර්ථිකය පුනර්ජීවනය කිරීමයි. පසුගිය පාලකයින් සහ ඉහල නිලධාරීන් ඇතුලු ඔවුන්ගේ හිතවතුන් සම්බන්ධ ලිපිගොනු දුසිම් ගනනක් තමා සතු ව ඇති බවටත්, ඔවුන් නීතිය හමුවට පමුනුවන බවටත් දිසානායක පොරොන්දු විය.
ජවිපෙ/ජාජබ බලයට පත්වීමෙන් පසු, කලින් ආන්ඩුව විසින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කුරිරු කප්පාදු පියවරයන් දිගට ම කර ගෙන ගියේ ය. ඒ සමඟ ම, දිසානායක සහ පාලක පක්ෂය, හිටපු ආන්ඩු නායකයින්, අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් දූෂන චෝදනා මත - ඇත්ත වශයෙන්ම එවැනි ක්‍රියාවල ඔවුහු ගිලී සිටියහ - අත්අඩංගුවට ගනිමින්, ඔවුන්ගේ දූෂන විරෝධී උද්ඝෝෂනය තීව්ර කල අතර පොලිසියට ඒ සඳහා පියවර ගැනීමට උපදෙස් දුන්හ. මෙම අඛන්ඩ උද්ඝෝෂනය, කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ ජීවන තත්වයන්ට එල්ල වන ගැඹුරු වන ප්‍රහාරවලින් ඔවුන්ගේ කෝපය වෙනතකට යොමු කිරීම සඳහා ආන්ඩුව ගෙන ඇති මංමුලා සහගත දේශපාලන උපායක කොටසකි.
ඉරානයට එරෙහි ඇමරිකාවේ සාපරාධී යුද්ධයෙන් උග්‍ර කෙරෙමින් පවතින අර්බුදයේ බර පැටවීමට ආන්ඩුව, ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ඉහල දැමීම හරහා ද ප්‍රවාහන වියදම් අඛන්ඩ ව ඉහල දැමීම ද කර ගෙන යයි. ඒ අතර ම, එක්සත් ජනපද සාපරාධී යුද්ධයට සහාය දෙන අධිරාජ්‍ය ගැත්තෙකු ලෙස ජවිපෙ/ජාජබ හි ක්‍රියාකලාපය හෙලිදරව් වෙමින් තිබේ.
ඉදිරි සති සහ මාසවල දී, දූෂනයේ ගැඹුරින් ගිලී සිටින ආන්ඩුව සහ විරුද්ධ පක්ෂ යන දෙක ම, එකිනෙකාට එරෙහි ව චෝදනා සහ ප්‍රති-චෝදනා ඉදිරිපත් කරමින්, කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගේ ජීවන සහ සමාජ තත්වයන් මතට එල්ල වන ප්‍රහාරවලට එරෙහි මහජන විරෝධය වෙනතකට යොමු කිරීමට සහ එම විරෝධය මැඩලීමට ජනාධිපති කොමිසමේ වැඩ කටයුතු භාවිතා කරනු ඇත.
සජබ සහ ශ්‍රීලපොපෙ ඇතුලු විරුද්ධ පක්ෂ ආන්ඩුවේ කප්පාදුව සම්බන්ධයෙන් කිඹුල් කඳුලු හෙලමින් ජනතාවට සහන ඉල්ලා සිටින අතර, මෑත මාසවල දී ආන්ඩුවේ විවිධ දූෂන වංචා සම්බන්ධයෙන් සිය උද්ඝෝෂනය තීව්ර කර ඇත.
සොරකම් කරන ලද ධනය නැවත ලබා ගෙන ඒවා ජනතාවගේ දරුනු ජීවන තත්වයන් සමනය කිරීමට හැකි බව පවසන පෙසප, අතීත දූෂන සම්බන්ධයෙන් ආන්ඩුවේ ක්‍රියාශීලි ව කටයුතු නොකිරීමේ චෝදනාව එල්ල කරමින් විපක්ෂයේ හා ආන්ඩුවේ දුෂන විරෝධී උද්ඝෝෂනයට තමන්ගේ පැත්තෙන් තෙල් වත් කරමින් සිටියි. බලශක්ති අමාත්‍යාංශයේ දූෂනය ඉස්මතු කරන පෙසස උද්ඝෝෂනයට ප්‍රධාන පෞද්ගලික මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය විසින් පුලුල් ප්‍රචාරයක් දෙමින් මහජන විරෝධය වෙනතකට හැරවීමේ පාලක පන්තියේ ව්‍යාපාරයට ඔවුන්ගේ දායකත්වය ලබා ගනී.
අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සජබ පැවසුවේ, “ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය හේතුවෙන් මේ රටට අහිමි වූ රුපියල් බිලියන ගනනක මුදල් ජනතාවගේ මනසින් යටපත් කිරීම” මෙම පියවරේ අරමුන බවයි. මෙම දූෂනයට සමස්ත කැබිනට් මන්ඩලය ම වගකිව යුතු බව එහි වැඩිදුරටත් සඳහන් විය.
ශ්‍රීලපොපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සංවිධායක නාමල් රාජපක්ෂ ද ඒ හා සමාන ප්‍රකාශයක් නිකුත් කලේ ය. ජනතාවගේ ජීවන තත්වයන්ට එල්ල වන ප්‍රහාර සඳහා ධනේශ්වර අර්බුදය නොව දූෂනය වගකිව යුතු බවට පෙසප විසින් අනුග්‍රහය දක්වන ලද ව්‍යාජ උද්ඝෝෂනය ජවිපෙ/ජාජබ හි ඇඟවීම් මගින් බිඳ දමා ඇත.
පාලක පක්ෂය සමඟ තරඟ කරන මෙම සියලු විරුද්ධ පක්ෂ දැන් වඩාත් ම දූෂිතයා කවුද යන්න පිලිබඳ ප්රචාරක කටයුතුවල නිරත වනු ඇත.
කම්කරුවන්, තරුනයින් සහ සියලු සිතන මතන කොටස් මෙම උද්ඝෝෂනයෙන් මුලා නොවිය යුතු ය. දූෂන සහ වංචා ඇතුලු මෙම කුනු වූ ලක්ෂන ශ්‍රී ලංකාවට පමනක් සීමා නොවන සෑම රටක ම ඔඩුදුවා ඇති, ධනවාදයට ආවේනික වේ; ලාභ පද්ධතියේ අර්බුදය සහ දිරාපත්වීමත් සමඟ එම කුනුවීම ඉහින් කනින් වෙලා ගෙන යයි. යුද්ධය සහ ගැඹුරු වන සමාජ අසමානතාවය මගින් එය වඩාත් තීව්ර කොට ඇත.
මෙම තත්වයන් තුරන් කල හැක්කේ ඉතා සුලුතරයකට සේවය කරන ධනේශ්වර ලාභ පද්ධතිය අහෝසි කිරීමෙන් සහ බහුතරයකගේ අවශ්‍යතාව සඳහා නිෂ්පාදනය සහ බෙදා හැරීම සංවිධානය කරන පද්ධතියකින් එය ප්‍රතිස්ථාපනය කිරීමෙන් පමනි. මෙය කම්කරු බලය සහ සමාජවාදය සඳහා අරගලයකි. ශ්‍රී ලංකාවේ දුගීන් රැලි කර ගනිමින්, කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට සියලු ධනේශ්වර කොටස්වලින් බිඳී කම්කරු පන්තිය ස්වාධීන ව බලමුලු ගැන්වීම අවශ්‍ය වේ,
